අම්පිටියේ හිමිගෙන් පොලිසියට චෝදනා.

මීට දින කිහිපයකට පෙර  මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අම්පාර මංගලගම පිහිටි ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේහි කුටියක සැතපී සිටියදී පසුගිය දිනක රාත්‍රියේ එම කුටිය වෙත  වෙඩි තැබීමක් සිදුවිය.

එම සිදුවීම හමුවේ පොලීසිය හා බලධාරීන් ක්‍රියා කරන අකාරය ගැන ඔහුනට චෝදනා කර ඇති බව වාර්තා වේ.

සුමනරතන හිමියන් හට වෙඩි තැබූ පුද්ගලයන්  සෙවීමට හෝ අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර මෙතක්  නොගෙන ඇති බව හා උන්වහන්සේට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලාසිටිය ද මේ වනතෙක් කිසිදු  පියවරක් බලධාරීන් විසින්  නොගෙන ඇති බව එම හිමියන් පාවසා ඇති බවයි  වාර්තා වේ.

Exit mobile version