අම්පිටිය මැරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ප්‍රපාතයකට වැටේ.

පසුගිය 26 වනදා වයස අවුරුදු 17ක් වන දරුවෙකුට ගිනි තැබීමේ සිදුවීමක් අම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වූඅතර අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම ද ඊයේ (29) දිනයේ මහනුවර පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලදී.

මෙම වැටලීමේ දී අදාළ සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක් ද සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

කෙසේ නමුත් මොහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් නිලධාරීන් සමග පොරබැද ඇති අතර එහි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අඩි 15ක පමණ ප්‍රපාතයකට වැටී තුවාල ලබා ඇත.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් කොස්තාපල් ගුණවර්ධන  සහ රාජපක්ෂ යන නිලධාරීන් වන අතර මොවුන් පිළිවෙලින් වයස අවුරුදු 38 සහ 37 වයසෙහි පසුවන්නන් වේ.

Exit mobile version