එක්ෂත් මානව හිමිකම් සංවිධානය මෙම විස්තරය තම මුහුණු පොතේ මෙලෙස සදහන් කර තිබේ.
2022.03.08 අච්චුවේලියේ , බටහිර අවරංගල් හී පදිංචී පාසැල් සිසුවිය (14) මෙසේ අච්චුවේලි පොලීසිය වෙත පැමිණ තම දෙමවු පියන් නිතර සණ්ඩු සරුවල් වන බවත් ඇයටත් සිය බාල සහෝදර සහෝදරියන් 3 දෙනාටත් මින් කරදර බවත් දන්වා ඇත. කුසගින්නේ සිටි ඇයට දහවල් කෑම වේල පවා ලබා දී ඇත්තේ අච්චුවේලි පොලීසියෙන් බව කියැවේ. මෙම සිසුවියගේ පියා බීමට ඇබ්බැහි වී ඇති අතර නිතර මව සමග ගැටුම් ඇති කරගන්නා බව කියැවේ. පියා මේසන් බාස් කෙනෙකි. මැයට බාල නැගණියක් (අවු 10 පමණ) මල්ලීලා 2ක් (අවු 6 හා 3.5 පමණ ) වන අතර පියා හා දබර වී මව නිතර බාල ළමයින් 3ද රැගෙන මවගේ මහ ගෙදර ගොස් නවතින බවද කියැවේ .
මෙම පියා බීමට නැඹුරු වූවද සිය දරුවන්ට ඉතා ආදරය කරන බවත් ,මව නම් ඉතා ආවේගශීලි කතක් බවත් කියැවේ.
අච්චුවේලි පොලීසිය විසින් මෙම පියාව අත් අඩංගුවට ගෙන 2022.03.09 දා අධිකරණයට ඉදිරිපත් කර ඇත. (70875) මීළඟ නඩු දිනය 2022.03.16 වන අතර එදිනට පරිවාස වාර්ථාවක් කැඳවා ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත අප විසින් මේ පිළිබඳව පැමිණිළි කරමින් CC/22/03/245 මෙම දැරිය හා නිවසේ අනෙකුත් ළමුන් තිදෙනාට අවශ්‍ය උපදේශනය ලබා දෙන අතරම මෙම මව හා පියාවද අවශ්‍ය උපදේශනය සඳහා යොමුකරවනා ලෙස ඉල්ලා ඇත. ප්‍රදේශයේ පරිවාස මෙන්ම ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින් සහ අච්චුවේලී පොලිසියේ නිළධාරින් ඉතා මානුෂිකව මෙම පවුල පිළිබඳව කටයුතු කරන බව අපි දනිමු, ලේඅස සදහන් කර තිබේ.
විශේෂ සටහන :- අච්චුවේලී පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සරත් ශාන්ත මහතා ඉතාමත්ම සංවේදීව මෙම මවු පියන් අතර සමාදානය රකිමින් ළමයින් ආරක්ෂා කර ගැනීමේ පසුබිමක් මෙම නිවස තුළ ඇති කරලීමට කටයුතු කරමින් සිටී. ළමයින් පිළිබඳව , පවුල් පසුබිම සකසමින් කටයුතු කරනා මෙවැනි නිළධාරින් පැසසිය යුතුමය.
කෙසේ වුවත් රාවණා අප මෙම පියා බන්ධනාගාරගත කිරීමෙන් වැලකි කටයුතු කිරීම පිළිබදව පොලිසියට ගෞරවය පුදකරන අතර තම දරුවන් පිලිබදව වෛරයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට පොලිසිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවද ප්‍රශංසා කරමු.