අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ක්‍රිකට් ගැන අදහස

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

වාර්තා වන ආකාරයට අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණක්. එබැවින් ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවත් එය කිසිසේත්ම දේශපාලන අත පෙවීමක් නොවන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙරටට ක්‍රිකට් තහනමක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ඉල්ලීමට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇති අතර ,ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ පොදු දේපළක් මිස ඔහුගේ පුද්ගලික බූදලයක් නොවන බව ද ඔහු පවසා තිබේ.

ඔහු මෙවැනි ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමක් බවත් ඊට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා විසින් වහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් සඳහන් කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ දූෂිත පාලක මණ්ඩලයේ මේ බලවියරුවට එරෙහිව ක්‍රිකට් ප්‍රේමී සියලුම දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බවත් ‘මෙරට පාසල් දස දහසක පමණ දුවා දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වනවා.එම දරුවන්ගේ මෙන්ම සෑම පුරවැසියකුගේම බළාපොරොත්තුව මෙරටට නැවත ක්‍රිකට් අයිතිවාසිකම ලබා ගැනීම බවත් රජය ඒ වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවී කටයුතු කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version