අමාත්‍යංශයන්හි කපා හැරිය හැකි වියදම් පිළිබඳ සොයා බලයි

මුදල් අමාත්‍යංශය විසින් එක් එක් අමාත්‍යංශයන්ගේ කපා හැරිය හැකි වියදම් පිළිබඳව සොයාබලා ඒ පිළිබඳ වාර්තාවක් ලබන සතිය තුළ භාරදෙන ලෙස සියලු අමාත්‍යංශයන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

එලෙස කපාහැරිය හැකි වියදම් සහ එයින් ඉතිරිකිරීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් හැකි ඉක්මනින් මහ භාණ්ඩාගාරයට දැනුම්දෙන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇත.

මෙම කොරෝනා තත්ත්වය හමුවේ රජයේ අපේක්ෂිත අදායම පහත වැටීම හේතුවෙන් වියදම් සීමා කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම තීරණය සම්බන්ධයෙන් අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍යවරුන් දැනුවත් කර ඇත.

මේ වන විට ප්‍රතිපාදන වෙන් වී තිබුණ ද දැනට ආරම්භ කර නොමැති සියලු ව්‍යාපෘති නතර කෙරෙන අතර අමාත්‍යංශවල නව මිලදී ගැනීම් ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු ද තාවකාලිකව නවතා ,තවදුරටත් සීමාකළ හැකි දීමනා පිළිබඳව අවධානය යොමුකරන ලෙස ද මුදල් අමාත්‍යවරයා විසින් ලේකම්වරුන් දැනුවත් කර ඇත.

Exit mobile version