අමාත්‍ය ගම්මන්පිලට එරෙහිව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ විරෝධය

2021.10.04 දින බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි මේ වන විටත් ඉන්දියාව සතු බවට කරන ලද ප්‍රකාශය සාවද්‍ය බවත් එය දේශ ද්‍රෝහී ප්‍රකාශයක් ලෙසත් ලංකා ඛනිජ තෙල් පොදු සේවකයින්ගේ සංගමය විසින් හෙළා දැක ඇත.

ඔවුන් සඳහන් කරන්නේ මෙය හුදෙක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වසර 50කට ඉන්දියාවට පවරා දීම සඳහා එතුමන් ඉදිරිපත්කර ඇති යෝජනාව බලාත්මක කර ගැනීම සඳහා සමාජය නොමග යැවීමට කරන ලද ප්‍රකාශයක් බවයි.

එමෙන් ම මේ වන තෙක් තෙල් ටැංකි නීතිමය වශයෙන් ඉන්දියාවට පවරා නොමැති බව නීතීඥයෙක් ලෙස ඔහු හොඳින් දන්නා කරුණක් බවයි ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය පෙන්වා දෙන්නේ.

1987 ජූලි මස 29 දින අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුමේ කිසිදු ස්ථානයක සෘජු කොන්දේසියක් ලෙස තෙල් ටැංකි පිළිබඳ සඳහනක් නොමැති බවත් එම තෙල් ටැංකි ඇමරිකාවට බදු දීමට ජේ.ආර්.ජයවර්ධන මහතා උත්සහ දරන අවස්ථාවේ දී එයින් කලාපීයව හා ඉන්දීය ආරක්ෂාවට බලපෑමක් ඇතිවිය හැකි බවත් එය නැවැත්වීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරමින් රජීව් ගාන්ධි මහතා විසින් ලිපියක් එවන ලද අතර එහිදී තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග එක් ව සංවර්ධනය කළ යුතු බවට ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ සඳහන් කර ඇති ලිපි දෙක අදාළ 1987 ගිවිසුමේ අමුනා ඇත.

මෙමගින් කිසිදු ස්ථානයක දී තෙල් ටැංකි ඉන්දියාවට පැවරූ බවක් සඳහන් නොවන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අමාත්‍යවරයා විසින් පහළ අංගනයේ ටැංකි 15 LIOC  යටතේත්, ඉහළ අංගනයේ ටැංකි 24 CPC යටතේ ත් ඉතිරි ටැංකි 61 LIOC/CPC  පොදු සමාගමක් ලෙස වසර 50කට ඉන්දියාවට පවරා දියමට කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා දරණ කූට උපක්‍රම බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version