අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය නීතිවිරෝධී ලෙසට පත්කර ඇති බවට ප්‍රකාශ කරමින් එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවන ලෙසට තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසිනි.

ඒ අනුව මෙම පෙත්සමේ සඳහන් වන්නේ වර්තමාන අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47-1-අ සහ ආ ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙම පෙත්සමේ වගඋත්තකරුවන් වශයෙන් ජනාධිපති ලේකම්, අමාත්‍ය මණ්ඩලය, සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් ,මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු 82 දෙනෙකු නම් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version