ඊයේ (13) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ වන විට රට තුළ ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළයුතු බවට යෝජනා රැසක් ඉදිරිපත්ව ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (13) දිනයේ මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවති අතර ප්රු 05.00ට පමණ ආරම්භ වූ රැස්වීම රාත්‍රී 09.30 පමණ වන තෙක් පැවති බව වාර්තා වේ.
එහි දී අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර අරමුදලෙන් සහය පැතුවහොත් එහි කොන්දේසිවලට එකඟවීමට ද සිදුවන බවයි.
එනිසා ජාත්‍යන්තර අරමුදලට නොගොස් මිත්‍ර රටවල ලබාගැනීම වඩාත් සුදුසු බවට තවත් පිරිසක් ප්‍රකාශ කර ඇති අතර ජාත්‍යන්තර අරමුදලෙන් ණය ලබාගන්නේ ද?නැද්ද? යන්න පිළිබඳව මේ වන තෙක් නිෂ්චිත එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.
එමෙන් ම මේ වන විට පවත්නා ඉන්ධන අඑර්බුදය පිළිබඳ සඳහන් කරමින් විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 420ක් පමණ වැය වන බවත් ඉදිරි මාස කිහිපය තුළ දී ඉන්ධන ආනයනයේ දී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවත්ය.
කෙසේ නමුත් ඊයේ දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම ඉදිරිපත් කර නොමැති අතර , එය ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වී ඇත.