අලි ඇතුන් බලපත්‍ර නොමැතිව ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු ඉල්ලා අස් කරගන්නා ලෙසත් අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන්ට භාරදීමත් යන කරුණුවලට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර ඇත.
අදාළ පෙත්සම බුවනෙක අලුවිහාරේ, අචල වෙන්ගප්පුල සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී පෙත්සම ලබන 12 වනදා කැඳවන ලෙස නියෝග ලැබී ඇති බව වාර්තා වේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතීඥවරිය විසින් පෙත්සම සඳහා වගඋත්තරකරුවන් විරෝධතා ඉදිරිපත්කර තිබෙන බව පැවසීමෙන් අනතුරුව අදාළ විරෝධතා අධ්‍යනය කිරීම සිදු කර මෙලෙස දින නියම කිරීම සිදුකර ඇත.
අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ එම සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සහ අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසිනි.