අමානුෂික වූවන් අතර මානුෂික වූ පොලිස් නිලධාරීන්

මහමග අසරණව සිටින මිනිසුන් කොළඹ නගරයේ බොහෝ අවස්ථාවලදී  සුලබව දැකගත හැකි දර්ශනයකි.

එවැනි අසරණව කාගේ හෝ පිහිටක් පිළිසරණක් නොමැතිව සිය දිවි ගැටගසා ගන්නා පුද්ගලයින් 600 දෙනෙකු පමණ පිරිසක් පොලිස් ස්ථාන 24ක් ඒකරාශිකොටගනිමින් ඔවුන් පිරිසිදු කර අලුත් ඇඳුම්වලින් සරසවා ආහාරය සඳහා කිරිබත් ද ලබා දීමට කටයුතු කර තිබුණි.

බොහෝවිට සමාජ මාධ්‍යන් තුළින් මෙන්ම අප සමාජය තුළ දී පොලිස් නිලධාරීන් පිළිබඳ අපගේ දෘෂ්ඨි කෝණය වී ඇත්තේ නීතිය අවනීතිය කරන අසාධාරණයට ඉඩ ලබාදෙන පිරිසක් ලෙසය.

එය එසේවීමට හේතුකාරක වී ඇත්තේ බහුතර පොලිස් නිලධාරීන්ගේම ක්‍රියාකලාපය වුවත් මෙවැනි මානුෂීය ක්‍රියාවන් දුටුවිට එය අගය කිරීම සිදු ඛල යුත්තකි.

බහුතර දූෂිත නිලධාරීන් අතර මෙවන් මානුෂීය හදවත් ඇති සාධාරණය උදෙසා කටයුතු කරන සිය රාජකාරිය නිසිලෙස ඉටු කිරීමට වෙර දරන  සමාජය තුළ දූෂිත ක්‍රියාවන් මැඩලීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් ද ඇති බවට කදිම සාක්ෂියක් මෙම රූපරාමු අපට පෙන්නුම් කරයි.

“වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත” යන ගී පද පෙළින් කියවෙනවාක් මෙන් මෙම දෙවි දේවතාවුන් මැ සිටින නොමිනිසුන් විසින් සිදුකරන දූෂිත ක්‍රියාවන් හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම සිදුවන්නේ මහත් අපකීර්තියකි.

ජනතාවගේ සිත්තුළ පොලිස් නිලධාරියා කෙරෙහි ඇති විශ්වාසය, ගෞරවය නැතිව යන්නේ මෙවැනි ක්‍රියාවන් සිදුකරන එවැනි අනුවණ නිලධාරීන් බලයට පත්වීම හේතුවෙනි.

කෙසේ වෙතත් හොඳ දේ අගය කළ යුතු ස්ථානයේ දී එය අගය කිරීමටත් වැරදි දුටු තැනදී ඊට එරෙහිව හඬ නැගීමටත් අප පුරුදු විය යුතුය.

මෙවැනි අසරණ මිනිසුන් වෙනුවෙන් කරන ලද මෙම සත්ක්‍රියාව අප මුළු හදවතින්ම අගය කරනවා මෙන් ම තව තවත් මෙවන් වටිනා හදවත් ඇති, නීතිය සුරකින, අසාධාරණය වෙනුවෙන් නැගී සිටින පොලිස් නිලධාරීන් කොට්ඨාසයක් මේ පින් බිමට හිමිවේවා කියා ද අප ප්‍රාර්ථනා කරමු!

Exit mobile version