ශ්‍රී ලංකාවේ ජීවත්වීමට අපහසුව නම් මිනිසුන් දහස් ගණනකට රැකියා අහිමිවීම සහ භාණ්ඩ මිල ඉහල යාමය. එබැවින් දහස් ගණනක් උත්සාහ කරන්නේ රටින් පිටව ගොස් කීයක් හරි හම්බකර ගැනීමටය. ඔවුන් රට රැකියා සදහා පිටව යන්නේද ගේ දොර ඉඩකඩම් උකස් කර විනා රජයෙන් කීයක්වත් ලබාගෙන නොවේ.
එවන් පීඩා විදින බොහෝ වැසියන් පාස්පෝට් එක හැදීමට පැමිණෙන්නේද පොලියට මුදල් රැගෙන හිගා කමිනි. පාලකයන්ට එය නොදැනේ. එය නොදන්නා පාලකයන් හෙට සිට ( 2022.11.17) විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තුව ඉහළ දමා තිබේ.
ඒ අනුව, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000ක් දක්වා ද එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ යන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.