යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද මිසයිලයක් සාර්ථකව මැඩපැවැත්විමට පියවර ගත් බවට අමෙරිකාව පවසයි.
රතු මුහුදේ ස්ථාපිත කර ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් එම මිසයිලය දියත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහිදි අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානාවක් මගින් අදාළ මිසයිලයට ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කිරිමට කටයුතු කර තිබේ.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාරවලට පිළිතුරු ලෙස යේමන හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ ගමන් ගන්නා නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට පසුගියදා කටයුතු කර තිබිණි.
මේ හේතුවෙන් එම ප්රහාරයන් වැළැක්වීම සඳහා අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ප්රමුඛ ඒකාබද්ධ හමුදා කණ්ඩායමක් විසින් හූති කැරලිකරුවන් වෙත ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කර තිබේ.