අමෙරිකානු රජයෙන් ප්‍රදානයක්.

වියළි ආහාර තොගයක් අමෙරිකානු රජය විසින් මෙරටට ප්‍රදානය කර ඇත.

මෙම ප්‍රදානය සිදුකර ඇත්තේ මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලේ පෝෂණිය මට්ටම ඉහළ නැංවීමේ අරමුණිනි.

වත්තල මුතුරාජවෙල් පිහිටි “ස්පෙක්ට්‍රො” ගබඩා සංකීර්ණයේ දී අද (26) මෙම වියළි ආහාර තොගය මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය විසින් අධ්‍යාපන අමාත්‍ය, අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කර ඇත.

මෙම ප්‍රදානය යටතේ පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටොන් 890ක් සහ පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් මෙරටට ලැබී ඇත.

මෙම දිවා ආහාර වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සිසුන්ගේ පාසල් පැමිණීම දිරි ගැන්වීම, ඉගෙනුම් අවධානය වැඩි කිරීම, ආහාරයේ සමබල පෝෂණීය මට්ටම රඳවා ගැනීමයි.

Exit mobile version