අමෙරිකාවෙන් තවත් වෛද්‍යාධාර තොගයක්.

ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යාධාර තොගයක් අමෙරිකානු ආයතනයකින් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් බව සඳහන් වේ.

මෙම වෛද්‍යාධාර තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 7.2ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 2.7කි.

Exit mobile version