අමෙරිකාවේ දී ලාංකික තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මරුට.

වයස අවුරුදු 33ක් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රාජන් මුණසිංහ නමැති තරුණයෙක් ඔස්ටින් පොලිසියේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පසුගිය නොවැම්බර් මස 15 වනදා මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය සිදුව ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් සිය ආලින්දයේ ගිනි අවියක් තබා ගනිමින් සිටි රාජන් නමැත්තාට සිය අත තිබූ ගිනි අවිය බිම තැබීමට අවැසි තරම් කාලයක් ලබා නොදී ඔහුව පොලිසිය විසින් ඝාතනය කර තිබේ.

දින කිහිපයක් නිවසේ නොසිටි රාජන් යළි නිවස වෙත පැමිණෙන අවස්ථාවේ නිවස සොරුන් විසින් බිඳ ඇති බවට අනුමාන කර නිවසේ දොර අසලසඟවාතිබූ ගිනි අවියක් ඔහු ගෙන ඇත්තේ සිය ආරක්ෂාව සඳහා බව ඔහුගේ පවුලේ සාමාජිකයින් සඳහන් කරයි.

කෙසේ නමුත් රාජන් සිය අතෙහි රඳවාගෙන සිටි ගිනි අවිය බිම තැබීමට තරම් කාලයක් ලබා නොදී පසුගිය නොවැම්බර් මස 15වනදා අලුයම 12.30ට පොලිස් නිලධාරීන් විසින් ඔහුට වෙඩි තැබීම සිදුකර ඇති බවට රාජන්ගේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මේ වන විට රාජන්ට වෙඩි තැබීම සිදුකළ බවට සඳහන් ඩැනියෙල් සැන්චෙස් නමැති පොලිස් නිලධාරියා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය ප්‍රකාශ කරන බව වාර්තා වේ.

Exit mobile version