අමෙරිකාව තවත් ප්‍රහාරයකට සැරසෙයි.

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා වන අමෙරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර අමෙරිකානු භටයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉරාන සහාය ලබන මිලීෂියා කණ්ඩායමට චෝදනා එල්ලවී තිබුණි.

අදාළ කණ්ඩායමට ඉරානයේ සහාය ලැබෙන බවට අමෙරිකාව ප්‍රකාශ කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කරනු ලබයි.

එම ප්‍රහාරයෙන් අමෙරිකානු භටයන් 41 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වේ.

අමෙරිකාවට එල්ල වන ප්‍රහාර ඉවසා නොසිටින බවට ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා තිබුණි.

Exit mobile version