අද (03) සිට “අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම වැඩසටහන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
එම වැඩසටහන සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීඹ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබා දීමට නියමිතව ඇති අතර සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
“අයවැයෙන් වැඩ ලක්ෂයක්” යන ග්රාමීයි සංවර්ධන වැඩසටහනේ අරමුණ වී ඇත්තේ ආර්ථික අභියෝග ජය ගැනීමේ අරමුණින් නිෂ්පාදනය වැඩි කර ආදායම් ඉහළ නැංවීමයි.