අයවැය කාල සීමාවේ මැති ඇමතිලාට විදේශ සංචාර තහනම්

passenger jet plane flying over airport runway against beautiful dusky sky use for aircraft transport and cargo logistic and traveling business industry

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ දෙවන අයවැය ප්‍රකාශයට පෙර මැති ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට විදෙස් ගමන් තහනම් කර ඇත.

ඒ අනුව සියලුම අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් ඔස්සේ දැනුවත් කර ඇත්තේ මෙම අයවැය කාලසීමාව තුළ දී නිල හෝ පෞද්ගලික කිසිදු විදේශ සංචාරයක් සඳහා සහභාගී නොවන ලෙසත් ඒ වෙනුවට එම කාලය අයවැය විවාදය සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන ලෙසයි.

එමෙන් ම විශේෂ අවස්ථාවන් සඳහා විදේශ සංචාර වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය ඔස්සේ අදාළ නියෝජනය විදේශ තානාපති කාර්යාලය වෙත ලබා දීමට හැකි බවද එම චක්‍රලේඛනයේ සඳහන් ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සඳහා වන අයවැය ලබන සිකුරාදා පස්වරු 02.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නව මුදල් අමාත්‍යවරයාගේ පළමු අයවැය ඉදිරිපත් කිරීම ද මෙය වේ.

Exit mobile version