අද (22) පස්වරු 05.00ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව පසුගිය 12 වනදා ප්රකාශයට පත්කරන ලද අයවැය සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය හත්වන දිනට අදට යෙදී ඇත.
හෙට (23) සිට ආරම්භ වන අයවැය කාරක සභා අවස්ථා විවාදය එළඹෙන දෙසැම්බර් මස 10 වනදා තෙක් දින 16ක කාලයක් පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන් ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දෙසැම්බර් මස 10 වනදා පස්වරු 5.00ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි.