ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ අයවැයට පෙර පෞද්ගලික බස් සංගම් සමග කිසිදු සාකච්ඡාවක් හෝ සිදු නොකර මෙවර අයවැය සකස් කර තිබෙන බවයි.
ලීසිං පොලී අනුපාත අඩුකිරීම, බස් රථ ආනයනයට අවසර ලබාදීම, ඉන්ධන සහනාධාරයක් ලබාදීම ඇතුලු සහන බස් සංගම් මෙවර අයවැයෙන් අපේක්ෂා කළ බවත් පෞද්ගලික බස් කර්මාන්තය සඳහා සහන ලබාගැනිම සම්බන්ධයෙන් අයවැය යෝජනාවලියෙන් පසුව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.