අයවැය විවාදය පැවැත්වෙන්නේ මෙහෙමයි

2022 වසරට අදාළ අයවැය දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (13) දින ආරම්භ වේ.

ඒ අනුව අද පෙ.ව.09.00 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වන අතර අයවැය දෙවනවර කියවීමේ විවාදය එළ‌ෙඹන 22 වනදා තෙක් දින 07ක් පුරා පැවැත්වෙන බව ද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන් ම එළඹෙන 22 වනදා ප.ව.05.00 ට අයවැය දෙවන වර කියවීම විවාදයේ ඡන්ද විමසීම සිදු වන අතර 23 වනදා සිට අයවැය කාරක සභා විවාදය ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 10 වනදා දක්වා දින 16ක කාලයක් පැවැත්වීමට නියමිතය.

එලඹෙන දෙසැම්බර් මස 10 වන දින ප.ව.05.00 ට අයවැය තෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Exit mobile version