අයවැය විවාදය හයවන දින

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනය අද (20) වන අතර උදෑසන 9.30ට පමණ පාර්ලිමේන්තුව රැස්ව ඇත.

නොවැම්බර් මස 22 වනදා පස්වරු 05.00ට පමණ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව ඇති බව සඳහන් වේ.

එමෙන් ම එළඹෙන 23 වනදා සිට කාරක සභා විවාදය ආරම්භ වන අතර එය එළඹෙන 10 වනදා දක්වා දින 16 ක කාලයක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව දෙසැම්බර් මස 10 වනදා පස්වරු  05.00 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන බව ද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කරයි.

Exit mobile version