අයවැය හෙට පාර්ලි‌‌මේන්තුවට

මුදල් අමාත්‍ය ධූරය දරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (14) පස්වරු 1.30 ට 2023 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එසේම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන පරිදි අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සිමා කර තිබේ.

ලබන 15 වනදා සිට 22 වනදා දක්වා සතියක කාලයක් අයවැය කතාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වීමට නියමිත ය.

ඉන් අනතුරුව 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර දෙසැම්බර් මස 08 වනදා ඡන්ද විමසීම සිදු කරයි.

Exit mobile version