වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවයි.
වාර්තා වන ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බවයි.
මේ අතර අත්තනගලු ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණි සදහා පනවා තිබූ ගංවතුර නීති තව දුරටත් බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
උඩවලව ජලාශයේද වාන් දොරටු 5හක් අඩිය බැගින් විවෘත කර තිබේ.
මේ හේතුවෙන් එම ගංගා ආශ්රිත පහත් බිම් වල වෙසෙන ජනතාව ඒ පිලිබඳව විමසිල්ලෙන් පසු විය යුතු බව එස්.පී.සී.සුගීෂ්වර අවධාරණය කර තිබේ.
තවදුරටත් වාර්තා වන ආකාරයට මේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේද කුඩා,මධ්‍ය හා මහා පරිමාණ වැව් රාශියක් පිටාර ගලා තිබේ.