බියගම නුවර පාර පට්ටිවිල ප්රදේශයේ ඇති වී තිබෙන සුළු ගංවතුර අවදානම් තත්වය නිසා පට්ටිවිල මංසන්ධියේ සිට බියගම හන්දිය දක්වා කිලෝමීටර් 2 ක පමණ ප්රදේශයක ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇත.
ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.
එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කැලණි ගග පිටාර ගැලීම නිසා කැළණි ගග අවට ප්රදේශ වල සුළු ගංවතුර තත්වයක් ද ඇති වී ඇති අතර 226 මල්වාන කොලඹ ප්රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇත.
එසේම බලුම්හර සිට ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා දීවෙන නව නුවර පාර සියඹලාපේ හන්දිය ප්රදේශයෙන් යටවීම නිසා කුඩා වාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.