අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ බ්‍රසීලයේ පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ බ්‍රසීලයේ නගර රැසක නායයෑම් සහ ජලගැලීම් තත්ත්වයන් සිදුව ඇති බවයි.
රියෝද ජෙනයිරෝ නගරයට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයේ නායයෑම් රැසක් සිදුව ඇති අතර මෙනිසා රියෝද ජෙනයිරෝ නගරය තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.
බ්‍රසීල ජනපති ජායිර් බෝල්සෝනාරෝ රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර බ්‍රසීලය තුළ විපතට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් කටයුතු කරන මෙන් එහිදී උපදෙස් ලබා දී ඇත.