දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත.
ඒ අනුව බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. එමෙන්ම මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශ වලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩක් පවතින බවත් ඇතැම් ස්ථාන වලට මි.මී 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික
තද සුළං වලින් හා අකුණු මඟින් ඇතිවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන ඉල්ලා සිටී.