අයිස් නැමති මත් ද්‍රව්‍ය ලග තබාගෙන සිටි පුද්ගලයන් හතර දෙනකු හැටන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමිව හැටන් නගරයේ ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් පරික්ෂාවට ලක් කිරිමේදී එම ත්‍රිරෝද රථයේ සිටි හතර දෙනා සන්තකයේ අයිස් නැමති මත් ද්‍රව්‍ය තිබිමේ චෝදනා මත මෙම හතර දෙනා අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ යුක්තිය මෙහෙයුමට සමගාමිව හැටන් නගර මධ්‍යයේදි කරන ලද ත්‍රිරෝද රථ පරික්ෂාවකදි ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ලයන් හතර දෙනා සන්තකයේ අයිස් මත් ද්‍රව්‍ය මිලි ගැම් සියය බැගින් තිබු බවත් ඒ අනුව එම හතර දෙනා අත් අඩංගුවට ගත් බවත්ය.
මෙසේ අත් අඩංගුවට ගත් පිරිස කොටගල, වටවල, හැටන්, පතන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම හතර දෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.