අයිෆල් කුලුණ යළි ඇරේ.

දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට ප්‍රධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුණ යළි සංචාරකයන්ට විවෘත වී ඇති බව වාර්තා වේ.

අයිෆල් කුලුණේ කලමනාකාරීත්වය සමඟ ඇතිවුණු ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් වැඩවර්ජනය ආරම්භ වූ අතර, අයිෆල් කුලුණ වසා දැමුණි.

අයිෆල් කුලුන, මාස දෙකක් ඇතුළත, වැඩ වර්ජන හේතුවෙන් මේ අයුරින් වසා දැමුණු දෙවැනි අවස්ථාව මෙයයි.

Exit mobile version