අයි.පී බාලන්ද්‍රේන්ගේ සිද්ධියට මහාධිකරණ විනිසුරුට එරෙහිව චෝදනාවක් – නඩු වාර්තාවේත් සටහන් තබා නෑ.

පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ නම් ඔහු ශ්‍රී ලංකාවේ පාතාලයට හා කුඩු කල්ලිවලට එදිරිව දිවි නොතකා රාජකාරි කළ පොලිස් නිළධාරියෙකි. නිවැරදිව රාජකාරී කරන නිළදරුවන්ගේ සහ රටේ අභාග්‍යට ඊයේ දින අඳුරු ගොම්මනේදී ඔහුව නරුම පාතාලයන් විසින් වෙඩි තබා ඝාතනය කරන කරන ලදී. එම ඝාතනය දැන් රටම දන්නා කාරණාවකි.

එම අභාග්‍යසම්පන්න ඝාතනය කෙසේ වෙතත් අදාල නිළධාරියාට එසේ වන්නේ දකුණේ පාතාලයන්ට එදිරිව නීතිය ක්‍රියාත්මක කිරීම නිසා බව කියවේ. දකුණ පමණක් නොව රටම භීතියට පත්කළ පාතාල නරුමයකු වන අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසීගේ ගිණුමට මෙම අපරාධය බැරවී තිබේ. ඒ පසුගිය කාලයේ එම පාතාල නරුමයාගේ ජාලයටම එදිරිව ඉහත කී ඝාතනයට ලක්වූ බාලේන්ද්‍රසිංහ නිළධාරියා කටයුතු කළ නිසාය. පොඩි ලැසී සහ සහචරයන්ට දැඩි අභියෝගයක් වූ බාලේන්ද්‍රසිංහ නිළධාරියා විටින්විට පොඩි ලැසී ඇතුළු කල්ලිය අත්අඬංගුවට ගැනීම සහ ඔවුන්ගේ අවිආයුධ වැටලීම වැනි නීතිය ක්‍රියාත්මක කිරීම් අදාල නිළධාරියාගේ සුපිරි දක්ෂතාවයන් නිසා සිදුවූ ඒවාය. එම චෝදනා මත බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටිමින්ම ඉහත කී පොලිස් නිළධාරියාට පොඩි ලැසී තර්ජන හයිකාරකම් කොට තිබේ.

එම තර්ජනයේ භයානකකම කෙසේද යත් රත්ගම පොලිස් වසමේ කරාවේගොඩ ප්‍රදේශයේදී අංක BCA 3485 දරණ යතුරු පැදියේ රැඳී සිටින ලද පාතාලයන්ගේම මානව හිමිකම් කුමන්ත්‍රණ හේතුවෙන් දැනට වැඩ තහනමට ලක්ව සිටි ඉහත සඳහන් හිටපු පොලිස් පරීක්ෂකවරයා ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන් දෙදෙනෙකු විසින් T -56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති හිටපු පොලිස් පරීක්ෂකවරයා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ පාතාලයට සහ කුඩු කල්ලීන්වලට එදිරිව අභීතව නීතිය ක්‍රියාත්මක කරන සියළු නිළධාරීන්ටද බරපතල අවධානමක් සහිත අනතුරු ඇඟවීමක්ද සමඟය.

මෙම නිළධාරියා ඇල්පිටිය කොට්ඨාසයට අයත් තිලකපුර පොලිස් මුරපොලට අනුයුක්තව රාජකාරි කරමින් සිටිය දී පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලකට අදාළව එම පැමිණිලිකරුට පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බලකිරීමේ සිදුවීමක් මුල් කරගෙන විභාග වූ නඩුවකට අදාළව මෙම නිලධාරීයා වැඩ තහනමකට ලක්ව වසර එකහමාරක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිට 2023.09.26 දින ඇප මත නිදහස්ව පැමිණ ඇත.

මෙම දිනයේද එම නඩුවේ සාක්ෂි විමසීම සිදුකර ඇති අතර ඒ සඳහා මෙම නිළධාරියා පෙනී සිට නැවත තම නිවස වෙත යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණපා ඇත. සාක්ෂි විමසූ අදාල නඩු කටයුත්ත යළි කැඳවනතුරු 2024.01.10 දිනට කල් තබා ඇත.

පොඩි ලැසීගෙන් ඉහත කී බාලේන්ද්‍රසිංහ නිළධාරියාට එල්ලවී තිබූ මරණ තර්ජන හේතුවෙන් රාජකාරියේ සිටියදී රාජකාරි ගිනි අවියක් ද මෙම නිළධාරියාට නිකුත් කර තිබී ඇත. නමුත් මානව හිමික චෝදනා මත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප ලබා පැමිණි අදාල නිළධාරියාට කිසිදු ආරක්ෂාවක් නොතිබූ බවද කියැවේ. අත්අඬංගුවට පත්ව බන්ධනාගාරගත වීමෙන් අනතුරුව රැකියාව සහ රාජකාරි ගිනිඅවිය නොමැති වීම හේතුවෙන් පොඩි ලැසී විසින් ඔහු හා ඔහුගේ අඳබාල සහව්හරයන් අත්අඬංගුවට ගැනීම් වලට අදාළව පළිගැනීම සඳහා පොඩි ලැසී ගෝලබාලයන් යොදවා මෙම වෙඩි තැබීම සිදුකරවා ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද කියැවේ.

මෙසේ මරා දැමූ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රන් බන්ධනාගාරගත කිරීම සදහා නියෝග ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව චෝදනාවක් එල්ලවී තිබේ.

එම පොලිස් පරීක්ෂකවරයා මුහුණ දී තිබූ සිද්ධියට අනුව අවුරුදු 11කට පමණ පසුව මෙම නඩුව විභගෙයට ගෙන තිබේ. එහි නඩු අංකය වන්නේ 1394/2011 ය. අවුරුදු 11කට පසුව මෙම නඩුව විභාගයට ගෙන ඇත්තේ 2022 දීය. එය විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුගෙන් මහාධිකරණ විනිසුරුවරයා විමසා ඇත්තේ යම් කිසිවෙකුගෙන් තර්ජන තිබෙනවාද යන්නයි. එහිදී මෙම නඩුවේ පළමුවෙනි සාක්ෂිකරු පවසා ඇත්තේ මරා දැමුණු පොලිස් පරීක්ෂකවරයා වන දැඩිමුණි බාලේන්ද්‍රසිංහ යන අයගෙන් තර්ජන තිබෙන බවයි. එහිදී කිසිදු විමර්ශණයකින් හෝ පරීක්ෂණයකින් තොරව මෙම පොලිස් පරීක්ෂකවරයා බන්ධනාගාරගත කර තිබේ. එසේ බන්ධනාගාරගත කිරීම සඳහා නියෝගය ලබා දී ඇත්තේ මහාධිකරණ විනිසුරුවරයා විසිනි. එසේම එදින එම සිදුවීම මහාධිකරණ කාර්‍ය සටහන්වලද සටහන් කර නොමැත.

ඒ අනුව මෙම නඩුව විභාග කළ විනිසුරුවරයා මෙම නඩුවේ අපරාධකරුවන් බවට සැක කරන පළමු සාක්ෂිකරුගේ ප්‍රකාශය මත එවේලේම පොලිස් පරීක්ෂකවරයා බන්ධනාගාරගත කර තිබේ. ඊට අමතරව අදාළ පොලිස් පරීක්ෂකවරයා බන්ධනාගාරගත කර වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයෙන් වාර්තාවක්ද කැඳවා සිටි.

එහිදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයටද යම් චෝදනාවක් එල්ල වේ.ඒ 2022.04.29 දින බාලේන්ද්‍රසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ නමුත් 2022.05.13 වන දින අධිකරණයට ප්‍රකාශ කර තිබෙන්නේ පරීක්ෂණ අවසන් කර නොමැති බවයි. ඒ අනුව ඔහුට එදිනද ඇප දීම ප්‍රතික්ෂේප කර තිබේ.

තවද මෙම පොලිස් පරීක්ෂකවරයාගෙන් තර්ජන තිබෙන බවට ප්‍රකාශ කරන සාක්ෂිකරුට එරෙහිව ඇල්පිටිය උසාවියේ පවරා තිබෙන 52850 දරණ නඩුවද ආගිය අතක් නොමැති බවද සඳහන් වේ.එම නඩුවද පවරා ඇත්තේ මේ මියගිය පොලිස් පරීක්ෂකවරයා විසිනි.

මේ සියලු කරුණු අනාවරණය කර තිබෙන්නේ මියගිය පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහගේ බිරිඳ වන චිරන්ත වල්ලි මංජුලා නාමලී මෙන්ඩිස් යන අය විසිනි. ඇය මේ පිළිබඳව 2022.05.18 දින එනම් මීට අවුරුද්දයි මාස පහකට පමණ පෙර මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවට දීර්ඝ විස්තරයක් සහිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල තුල තොරතුරු රාශියක් සඳහන් වේ. එම ලිපිය ඔබට පහතින් කියවිය හැක.

https://drive.google.com/file/d/1WjgEYwpdS6Ri9d617uqr4yV-jXkD5od_/view?usp=drive_link


https://drive.google.com/file/d/1WjgEYwpdS6Ri9d617uqr4yV-jXkD5od_/view?usp=drive_link

Exit mobile version