විපක්ෂ නායක කාර්යාලය ඊයේ (24 ) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියා සිටියේ මත්පැන් බෝතල් වල අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවයි.
මන්ත්‍රී වරයා සදහන් කලේ මේ ජාවාරම පිටුපස ඇතැම් මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් ජේෂ්ඨ සුරාබදු නිලධාරීන්ද සිටින බවත් මෙම ව්‍යාජ ආරක්ෂක ස්ටිකරය සහිත මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් මේ වනවිටත් වෙළදපොල තුල ඇති බවත්ය.
මෙම අලවන ලද ව්‍යාජ ස්ටිකරය ස්කෑන් කල නොහැකි ආකාරයට මත්පැන් බෝතල් වල මුඩි මත අලවා ඇති නිසා ව්‍යාජ මත්පැන් බෝතලයකින් නියම මත්පැන් බෝතලයක් වෙන්කර හදුනාගත නොහැකි බව එතුමා ප්‍රකාශ කළේය.
මෙම හේතුව නිසා රටට ලැබිය යුතු විශාල බදු ආදායමක් නොලැබී යන බවද ප්රවෘත්ති සාකච්ඡාවෙදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා .