හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අරගලකරුවන්ගේ අත්වල ලේ තැවරී ඇතිබව ප්‍රකාශ කරන ලදී. එසේම ඔහු එහිදී මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට පමණක් සෝකය පලකල අතර ඉන්ධන පොලිම්, ගෑස් පෝලිම් වල මියගිය ජනතාවට හෝ මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් හෝ තම ශෝකය ප්‍රකාශ කල බවක් වාර්තා වී නැත. මියගිය අමරකීර්ති ද අල්විස් මහතා වෙනුවනේ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන ලදී.
එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අරගලකරුවන් මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකල බවට සහ වගකිව යුතු බවට චෝදනා ලැයිස්තුවක් සමාජ් ගත කර තිබේ. එම පිළිතුර පහතින් ගන්න.
උපුටා ගැනීම – නිර්පාක්ෂික අර්ඝලකරුවන්ගේ සමුහයෙන්.
“මහින්ද රාජපක්ෂ කියන ජනතාව විසින් බලයෙක් පහ කරපු දූෂිත මිනීමරු පුද්ගලයා කියල තියෙනවා අරගලකරුවන්ගේ අත්වල ලේ හිත්වල වෛරය කියල. අපි බලමු එහෙම කියන මේ පුද්ගලයගේ අත්වල මොනවද ගෑවිල තියෙන්නේ කියල.
- ඝාතන චෝදනා
ලසන්ත වික්‍රමතුංග (සන්ඩේ ලීඩර් කර්තෘ )
වසීන් තාජුඩීන් (රගර් ක්‍රීඩක)
ජනක බණ්ඩාර ඒකනායක (කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති)
සිසිත් ප්‍රියංකර (රුහුණු සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි)
අකිල දිනේෂ් (රතුපස්වලදී ඝාතනය වූ පාසල් ශිෂ්‍ය )
අමිල රවිෂාන් පෙරේරා (රතුපස්වලදී ඝාතනය වූ පාසල් ශිෂ්‍ය )
නිලන්ත පුෂ්පකුමාර (රතුපස්වලදී ඝාතනය වූ)
රොෂේන් චානක (කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක )
ඇන්ටනි ප්‍රනාන්දු (හලාවත ධීවර උද්ඝෝෂණයේදී ඝාතනය කළ )
2006 දී ත්‍රිකුණාමලයේ දමිළ සිසුන් 5 දෙනෙකු ඝාතනය
2006 මූතූර්හි සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය
2012 වැලිකඩ සිරගෙදර සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය
කෝට්ටේ රාජමහා විහාරයේ හිමිවරුන් දෙනමක් ඝාතනය
2020 මහර බන්ධනාගාරයේ රැදවියන් 11 දෙනෙකු ඝාතනය
චමින්ද ලක්ෂාන් (2022 රඹුක්කනදී ඝාතනය කළ)
ගෝටා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරය
යුද සමයේදී ගණනය උතුරු නැගෙනහිර සිදුවූ අපරාධ
⚫ මට අමතරව මිනී මැරුම් වලට වරදකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර, දුමින්ද සිල්වා සහ සුනිල් රත්නායක වැන්නන්ට ජනාධිපති සමාව ලබාදීම මෙන්ම මිනීමැරුම් දුසිම් ගණන් පිළිබදව චෝදනා තිබී වරෙන්තු පවා නිකුත්කර තිබූ ජුලම්පිටිය අමරේ වැනි කුලීඝාතනයන් තමන්ගේ නිවසේ පෝෂණය කිරීම.
- අතුරුදන් කිරීම් චෝදනා
ලලිත් වීරරාජ් (සිවිල් සමාජ ක්‍රියාකාරී)
කුගන් මුරුගානන්දන් (සිවිල් සමාජ ක්‍රියාකාරී)
ප්‍රදීප් එක්නැළිගොඩ (මාධ්‍යවේදී)
කස්තුරු ආරච්චිගේ ජෝ රීට් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
ජීව් නාගනාදන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
ප්‍රදීප් විශ්වනාදන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
තිලගේෂ්වරන් රාමලිංගම් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
මොහොමඩ් සාජිත් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
ජමාල්ඩීන් ඩිලාන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
අමනන් ලියෝන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
රොෂාන් ලියෝන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
ඇන්තනි කස්තුරුආරච්චි (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
ත්‍යාගරාජා ජෙගන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
මොහොමඩ් අලි අන්වර් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)
- පැහැරගෙන ගොස් පහරදීම් චෝදනා
පොද්දල ජයන්ත (වෘත්තීය පත්රකලාවේදී සංගමයේ ලේකම්)
කිත් නෝයර් (ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක)
උපාලි තෙන්නකෝන් (රිවිර පුවත්පතේ කර්තෘ)
- හොරකම් ගැන තිබෙන චෝදනා
හෙල්පින් හම්බන්තොට (ලක්ෂ 820)
මිග් යානා ගනුදෙනුව (ඩොලර් මිලියන 16.18)
ගිං නිල්වලා ගණුදෙනුව (මිලියන 6000)
සීනි බදු වංචාව (බිලියන 20)
ඔස්ට්‍රේලියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්රදානය (ඩොලර් මිලියන 15)
ක්‍රිස් ගනුදෙණුව
CSN නාලිකාව
ජාතික ලොතරයි මණ්ඩලයේ මුදල් අවභාවිතාව (මිලියන 18)
බඩ ඉරිඟු වංචාව (මිලියන 25)
ගවර් කෝපරේට්ස් සහ මැදමුලන අනුස්මරණ ජාතික කෞතුකාගාරය ඉදිකිරීම
ලංකා සතොස ක්‍රීඩා භාන්ඩ මිලදී ගැනිමේ වංචාව
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ සිදුවූ වංචාව (ලලිත් කොතලාවල ගේ මිලියන 100)
පෑලියගොඩ මතස්‍ය වෙලඳ සංකීරණයේ කඩ කාමර බදු දීමෙන් සිදුකරන ලද වංචාව
සිරිලිය ගිණුමේ වංචාව
ලොතරයි මණ්ඩලයේ ප්‍රදර්ශන කූඩු 150ක් සිදුකිරීමේදි සිදුකරන ලද වංචාව
ඇවන්ඩ්ගාඩ් නීති විරෝධි අවි ගනුදෙනු වංචාව
මිල්කෝ සමාගමේ මුදල් අවභාවිතාව
ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ මුදල් වංචාව
ජාතික සම්පකාර සමාගමේ ඉසුරු සවිය වැඩසටහන මගින් සිදුකරන ලද මුදල් වංචාව
සිවිල් සේවා අධිකාරියේ සිදුකර ඇති මුදල් වංචාව
බස් රථ අමතර කොටස් ගෙන්වීමේදී සිදුකරන ලද මුදල් වංචාව
හෙලෝ කෝප් ගනුදෙණුව
රැස්වීම් සඳහා ලංගම බස් රථ යෙදවීම ( කෝටි 14ක මුදලක් අහිමි කිරීම)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වංචා
හම්බන්තොට වරාය විවෘත කිරීමේදී වූ දූෂණ වංචා
එල්ටීටීය සතුව තිබී ලබාගත් රත්‍රං තොග මංකොල්ල කෑම.
2012 කෞතුකාගාර සොරකම
⚫ ලැයිස්තුව මීට වඩා බොහෝ දිගුය. මෙතන නොමැති ඔබ දන්නා දෑ කමෙන්ට් තීරුවේ සදහන් කළ හැකිය. මුළු ශරීරයම අපරාධ වල ලෙයින් වැසී ඇති පුද්ගලයෙකු තවමත් නිර්භීතව පොදු ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණි සාමකාමී අරගලකරුවන්ට සිදුකරන අපහාස ප්‍රජාතත්‍රවාදය අපේක්ෂාකරන සියල්ලෝටම සිදුකරන අපහාසයකි. මෙවන් පුද්ගලයන්ගේ දේශපාලනය මෙතනින් අවසන් කර සිදුකළ අපරාධ සදහා නීතිය ඉදිරියට පමුණුවා ලේ ගඳ ගසන්නේ කාගෙන්දැයි ලොවටම පෙන්වාදිය යුතුව ඇත.
ලෙස ඔවුන් පෙන්වා දී තිබේ. මෙම චෝදනා ඉතාම බරපතල චෝදනා වන අතර කවුරු වරදක් කලත් නැතත් ඒවා මැරුණත් නිමා නොවන බව මෙන්ම බලය අහිමි වීමේදී ඒවා නැවත නැවත මතුවන බැව් වර්තමාන ශ්‍රී ලංකාවෙන් අපට වටිනා පාඩමක් කියා දෙයි.