අරගලකරුවන් ඉදිරිපත් කලාට ජනපති මැදුරේ තිබු මුදල් පොලිසිය අධිකරනයට ඉදිරිපත් කර නෑ.

අරගලයේ යෙදී සිටි පිරිස් අත් අඩංගුවට ගෙන වරින් වර අධිකරනයට ඉදිරිපත් කරන පොලීසිය අරගලකරුවන් විසින් බාරදුන් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස් දහසක මුදල අධිකරණයට ඉදිරිපත් කර නැති බව වාර්තා විය.   

ජනපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයා ගෙන පොලීසියට භාර දුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ. 

එසේ භාරදුන් මුදල් සම්බන්ධයෙන් සති 3 ක කාලයක් ගත වී තිබුණ ද කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා වහා ඒවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලදී. 

Exit mobile version