එක්සත් ජාතීන්ගේ රෙගුලාසි මාළාව යටතේ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේ දී පුද්ගලයින් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුළත් කළ අතර ඉන් සංවිධාන කිහිපයක් මෑතක දී ඉවත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් සියල්ලන්ගේ අවධානය යොමු වීමත් සමග ජ්‍යෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානී නිමලන් විශ්වනාදන් මහතා සමග සාකච්ඡාවක් පවත්වන ලදී.එහි දී අප දත් නොදත් කරුණු රැසකට අවධානය යොමුව තිබූ අතර ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.
වසර 30ක කාලයක් මිනිසුන් පීඩා විඳි යුද්ධයට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලද්දේ ඩයස්පෝරාව මගින් බව අද වන විට කවුරුත් දන්නා රහසක්ව වී ඇත.
මේත් සමග එළියට පැමිණි තවත් කරුණක් වන්නේ ගාලුමුවදොර අරගලය වියදම් කළේ ද ඩයස්පෝරාව විසින් වන බවත් නිමලන් විශ්වනාදන් පෙන්වා දුන් අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඩුබායි, කටාර් වැනි රටවලින් අරගලයට මුදල් ලබාගත් බවත් ඒ සම්බන්ධ සියලු ගිණුම් විස්තර පවා ඔහු සතුව පවතින බවත් ය.
ඔහු ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ කරන ලද්දේ රාජපක්ෂ පරම්පරාව මහ කොටියව හංගගෙන රැකගන්නා අතරේ අනිත් මිනිසුන්ට කොටි කියමින් මඩ ප්‍රහාර එල්ල කරන බවයි.
එමෙන්ම ඩයස්පෝරාව කරන ලද ඉල්ලීම්වලට අනුව මෙසේ සංවිධාන නිදහස් කළ බවත්, තවත් ත්‍රස්ථවාදී සිරකරුවන් 50ක් නිදහස් කරන්න ද ආණ්ඩුව පොරොන්දු වූ බව ද ඔහු මෙහි දී පෙන්වා දී ඇත.
රනිල් වික්‍රමසිංහ නව ජනාධිපති වසර දෙක හමාරෙන් පසුවත් ජනාධිපති අසුනේ තබා ගැනීම ඩයස්පෝරාවේ බලාපොරොත්තුවක් බව ද ඔහු ප්‍රකාශ කරන ලදී.
මේ සම්බන්ධ සම්පූර්ණ විස්තර පහත වීඩියෝවෙන්,