අරගලය ගෙදර ගියා. මුද්දර කවරයක් 18 යි . රුපියල් 15ට තිබුණු ගාස්තුව රුපියල් 50 යි . නව තැපැල් ගාස්තුව මෙහෙමයි.

සියල්ලම වැඩි වෙද්දී වැඩි අවුරුදු කිහිපයක් තිස්සේ වැඩි නොවී තිබුණි තැපැල් ගාස්තුවද මේ වන විට වැඩි කර තිබේ. ජනතාව අරගල කලේ අසීමිත ලෙස භාණ්ඩ මිල ඉහල යාම වලක්වා ගැනීමට සහ භාණ්ඩ හිඟ වීමත් නිසාය. ජනතාව විසින්ම පත් කරගත් පාලක පන්තිය ජනතාව වෙනුවෙන් භාණ්ඩ සපයමින් සියල්ලම ඉහල දමමින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටුකරමින් සිටී.

නව තැපැල් ගාස්තු ලෙස,  ව්‍යාපාරික ලිපියක් සඳහා මෙතෙක් පැවති රුපියල් 15 ක් වූ ගාස්තුව රුපියල් 50ක් දක්වා,  පුණ්‍යායතන, ස්වේච්ඡා සංවිධාන සඳහා සහන ගාස්තු මත ලිපි තැපැල් කිරීමට ලබාදෙන සහනය යටතේ ග්‍රෑම් විස්සක් දක්වා වූ ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 12 සිට 30 දක්වාද, ලියාපදිංචි තැපැල් ගාස්තුව ද රුපියල් 30 සිට රුපියල් 60 දක්වා ඉහළ දමා ඇත.

ඒ අතර කුඩා මුද්දර කවරයක් රුපියල් 18 – 60 දක්වාත්, විශාල ප්‍රමාණයේ මුද්දර කවරයක් රුපියල් 20 සිට 70 දක්වාත් මිල සංශෝධනය කරමින් ජනතාවගෙන් බදු මුදලින් වැටුප් ලබන තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එසේම රුපියල් 10යේ තැපැල් පත 20ක් දක්වා ද, තැපැල් හැඳුනුම් පත් සේවා ගාස්තුව රුපියල් 100 සිට 200 දක්වා ඉහළ දමමින් ජනතාව වෙනුවෙන් දැවැන්ත මිල සහනයක් ලබා දීමට ජනතාවගෙන් වැටුප් ලබන, ජනතාවගෙන් දහඩිය මහන්සියෙන් උපයන මුදලින් සැප විදින තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව ජීවත් වන්නේ රජයෙන් වැටුප් ලබමින් නොවේ. ගොවි, කම්කරු මෙන්ම ශ්‍රමික ජනතාව හාම්පුතුන් යටතේද සේවය කරමින් ශ්‍රී ලංකාව පවත්වාගෙන යන වැඩකරන ජනතාවගේ බදු මුදලින් යැපෙන රාජ්‍ය සේවය ඇතුළු රජය පවත්වාගෙන යාමට මෙසේ බදු වැඩි කිරීමෙන් කල් නොහැක. රජය කල යුත්තේ මෙය නොවේ. රජය කල යුත්තේ නිෂ්පාධන ආර්ථිකය ගොඩනගමින්, ඔවුන් ඉහලට ගෙන එමින් රාජ්‍ය මුදල් වැඩි කරගැනීමයි. එසේ නොමැතිව මෙසේ දිගින් දිගටම බදු වැඩි කිරීමෙන් ජනතාවගෙන් ලැබෙන්නේ පාලකයන් බලාපොරොත්තු ආකාරයේ පිළිතුරු නොවනු ඇත. අන්තනෝමතික පාලනයකට ජනතාව ලබා දුන් පිළිතුරු පාලක පන්තිය අමතක කිරීම නැවතත් අරගල යුගයක ආරම්භ වීමක ලකුණු බව අමතක නොකළ යුතුය.  

Exit mobile version