පසුගියදා නෙත් FM බැලුම්ගල වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අරගල, අපරාධ මෙන්ම ආර්ථිකමය බිදවැටීමට හේතුව සහ මෙය නිවැරදි කරගැනීමට අවශ්‍ය හේතූන් අනාවරණය කරන ලදී. එහි අපරාධ වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිලිබඳව විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාද, පොලීසිය බන්ධනාගාරය ඇතුළු සමස්ත පද්ධතියේම තිබෙන දූෂිත ක්‍රියාවලියන් සහ ඒවාට ගත යුතු විසදුම් මොනවාද යන්න පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවරධිතයන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා අදහස් පලකරන ලදී.
අපරාධ පරීක්ෂණ සදහා ශ්‍රී ලංකා පොලිසියට තිබෙන බාධක පිලිබදව ප්‍රියන්ත ජයකොඩි මහතා එළිදරව් කරන ලදී. මෙම වැඩසටහන තුලදී විශේෂයෙන්ම දක්නට තිබුනේ ශ්‍රී ලංකා පොලිසිය මගින් අපරාධ නිවාරණය පිලිබදව සිදුවිය යුතු බොහෝ දේ සිදු නොවන බවයි. එහිදී එළිදරව් වූ කරනු අනුව ශ්‍රී ලංකා පොලිසියේ මමත්වය සහිත ක්‍රියාකාරකම් දක්නට හැකි විය.
රාජ්‍ය සේවයේ මමත්වය නොහොත් තමන්ගේ වැඩකොටස දෙස නීතියට පරිභාහිරව බලනා ආකාරයත්, කටයුතු කරනා ආකාරයත් ඔවුන්ගේ නීතිවිරෝදී ක්‍රියාවන් වලට හේතුවද මෙහිදී පැහැදිලි කරදුන්නේ ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතාය.
අරගල, ඒවා ඇති වීමට සමාජය බලපාන ආකාරය, පාලනයේ වැරදි, ඇතුළු සුවිශේෂී කරුණු ගණනාවක්ම මෙහිදී අනාවරණය විය. ඒ සදහා නෙත් FM බැලුම්ගල කණ්ඩායම ඔවුන් අවුරුදු කිහිපයක් තිස්සේම දිගින් දිගටම පැහැදිලි කල කරුණු නැවත වරක් මතුකරන ලදී. නමුත් ඒ පැරණි එළිදරව් කරන ලද කරුණුවලට අනුව කටයුතු කිරීමට රාජ්‍ය බලධාරීන් මේ වන තෙක්ම කටයුතු කර නොමැති බවද අවධාරණය කරන ලදී. දැනට ශ්‍රී ලංකාවේ පවතින ජාතික ප්රශ්නය නොහොත් තරුණ අරගල ආරම්භවීමට ප්‍රථම අවුරුද්දකට පමණ පෙර වර්තමාන තත්වය සිදුවීමේ ලකුණු අනාවරණය කර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.
වර්තමානයේ පවතින අරගලයන්, ආර්ථික ගැටළු, දේශපාලන අස්ථාවරත්වයන් ආදී සියලුම ගැටළු නිරාකරණය කරගත යුත්තේ කෙසේද යන්න මෙහිදී මනාව පැහැදිලි කෙරුණි. එහිදී මනාව පැහැදිලි වුයේ ශ්‍රී ලංකාව ගමන් කලේ සහ ඉදිරියටත් ගමන් කරන්නේ දූෂිත මාර්ගයක බවයි. එම මාර්ගය වෙනස් කිරීමට ගත යුතු කෙටි කාලීන සහ දීර්ඝ කාලීන දර්ශනය පැහැදිලි කර දීමට මෙම වැඩසටහන සමත් විය. වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයන්ද එය මනාව පැහැදලි කරන ලදී.
සම්පූර්ණ වැඩසටහන අහන්න.