අරගල අස්සේ යට ඇදුම් විසි වෙයි. රට පුරා නගර වැසෙයි. හවස් වන විට මාර්ගත් අවහිර වන ලකුණු.

1953 න් පසු පැවැත්වෙන දැවැන්තම හර්තාලය මේ වනවිට රට පුරා නගර සහ සමහර ගම වලද පැවැත්වේ . ඊයේ රාත්‍රියේ 12.00 ට පමණ සමහර ගම් වල ප්‍රධාන මන්සන්ධි වල රතිඥ්ඥා පත්තු කර තිබුණි.
අද උදෑසන වන විට සියලුම නගර පාහේ වසා දමා තිබු අතර නාගරික රෝහල්ද, නාගරික පාසල් සියල්ලම වසා දම තිබුණි.
අද දිනය තුල දුම්රිය 253 ක් පමණ ධාවනය කිරීමට යෝජිත බව ඊයේ ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කලද අද උදෑසන 07.00 පමණ වන විටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වසා දමා තිබු බවද වාර්තා විය.

පුද්ගලික බස් රථ සියල්ලම ධාවනයෙන් ඉවත්ව තිබු නමුත් ලංකා ගමන ගමන මංඩලයට අයත් සියලුම බස් රථ ධාවනය කෙරෙන බව දක්නට තිබුනත් වෙනදා තරම්ම බස් ධාවනයක් දක්නට නොලැබුණි.
අහවල් නගරයේ හර්තාල් නැ කියන්නට නැති තරමටම සියලුම නගර වල මේ වන විටත් උද්ඝෝෂණ පැවැත්වෙන අතර මාදම්පේ, කහවත්ත ආදී නගරවල මාර්ගද වසා දමා තිබේ. මතුගම නගරයේ ද දැවැන්ත ජනතාවක් සහභාගි වී තිබේ.
ඒ අතර ගාලුමුවදොර මහජන විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය විසින් ඉදිරිපත් කල ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද ඉවත්ව තිබේ.
ඒ අතර අද දිනය යට “ඇදුම් නැති දිනය” ලෙස විරෝද්තාකරුවන් නම් කර තිබේ. ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටුවා ඇති හොරු ගෝ ගම පරිශ්‍රයේදීය. ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙන්නේ නන්දෙට ජංගියක් ලෙසිනි. දියත උයන ප්‍රවේශයේ මාර්ග බාධකයේ කාන්තා සහ පිරිමි යට ඇදුම් ප්‍රදර්ශනයට තබා තිබේ.
අද විශේෂ රැස්වීමක් ලෙස පාර්ලිමේන්තුව රැස් වෙමින් තිබෙන අතර විශාල ජනතාවක් මේ වන විටත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට රැස් වී විරෝධතා වල යෙදෙමින් සිටි.

Exit mobile version