අරගල බිමට පැමිණි පොලිස් නිලධාරියා චෝදනා රාශියක් තිබෙන නිලදාරියෙක්

මීට දින කිහිපයකට පමණ පෙර සිට මෙරට සාමාන්‍ය ජනතාව මෙන්ම සියලු පන්තීන් වලට අයත් ජනතාව විරෝදතා වල යෙදීමට හේතුව වුයේ ඉන්ධන, ඉන්ධන , ගෑස්, විදුලි ගැටළු මෙන්ම අත්‍යාවශ්‍ය අහාර මෙන්ම අනෙකුත් ද්‍රව්‍ය වල මිල අධික ලෙස ඉහල යාමත් ඇතුළු ගැටළු හේතුවෙනි .

මේ වන විටත් ගාලු මුවදොර පිටියේ ජන අරගලයක් පවතින්නේ ගැටළු වලට විසදුම් ඉල්ලමින් ජනාධිපති ප්‍රමුක රජයට ඉවත් වෙන ලෙස බල කරමිනි. මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුනට පවා එල්ල වී තිබෙන දැඩි ජනතා විරෝදය හමුවේ ඔවුනට තම නිවෙස් වලටද යාමට නොහැකිව තිබෙන තත්වයක් උදා වී තිබේ.

මේ අතර අද (14) අරගල බිමට නිල ඇදුමෙන් පැමිණි පොලිස් නිලධාරියෙකු අරගලයට සහාය දක්වන බවත් අනෙකුත් නිලදාරින්ටද එකතුවන ලෙස ආරධනා කරන ලදී. පවතින ගැටළු හමුවේ ත්‍රිවිධ හමුදාවම ගැටළු ගනනාවකට මුහුණ දෙන බව නොරහසකි. ලෝක ඉතිහාසයේ මෙවැනි සමහර අර්ඝල වලදී ආරක්ෂක අංශ ජනතාවගේ පැත්ත ගත් අවස්ථාද තිබේ. නමුත් ඒවා සිදුවන්නේ ආරක්ෂක අංශ ප්‍රධානින් මගිනි.

කෙසේ වුවත් පොලිස් සහ හමුදා නිලදාරීන් ගැටුම් වම කරගනිමින් , මනා සංයමයකින් යුතුව රාජකාරිය සිදු කරන අතර ඔවුන්ට හැකි පමනිනේ ජනතාව ආරක්ෂා කිරීමද සිදු කරන බව පැහැදිලිය. ඔවුන් මේ අවස්ථාවේ කටයුතු කරනුයේ “දැලි පිහියෙන් කිරි කන්නා” සේ බවද පැහැදිලිය.

එවැනි අවස්ථාවක , පොලිස් නිලදාරියෙකු මෙසේ පැමිණීම අනුමත කල නොහැකි කරුණක් වුවත් ඔහුගේ කතාවට අනුව නම් පීඩාව පැහැදිලිය. ඔවුනට පමණක් නොව සියලුම දෙනාට එම පීඩාව දැනෙමින් තිබේ. එහෙත් මේ නිලධාරියා නිල ඇදුමෙන් වැරදි වැඩ කරන පුද්ගලයෙකු බව අපට සොයා ගැනීමට හැකි විය. වීඩියෝ එකේ පෙනෙන පරිදි ඔහුගේ නමද සොයා ගැනීමට හැකි විය. අප සොයා ගත් පුද්ගලයා ඔහු නම් ඔහු උඩවලව පොලිසියේ රාජකාරි කරන සමයක නිල අඩුම භාවිතා කරමින් ගංජා ප්‍රවාහනය කිරීමේදී අත් අඩංගුවට පත්ව මහාධිකරණයේ නඩුවක් පවතින පුද්ගලයෙකි. එසේම නිල ඇදුමට තිබෙන ගරුත්වයට හානි කරමින් සිදු කරන ලද කටයුතු ගනනාවක් නිසා විවිධ පරීක්ෂණ වලට ලක්ව සිටින පුද්ගලයෙකි. ඔහුගේ වැරදි පාලනය කිරීමට පවනැල්ල නැමති පොලිස් මුරපොලට අනුයුක්ත කර තිබෙන බවද කියා වේ.

කෙසේ වුවත් මෙම තොරතුරු අප සපයා ගත්තේ වීඩියෝ එකේ සිටින පුද්ගලයා විය හැකි ලෙස වන අතාර ඔහුගේ කන්නාඩිය හේතුවෙන් නිසි ලෙස හදුනා ගැනීමට හැකියාවක් නැත. කෙසේ වුවත් මේ අවස්ථාවේ ඔහුට විරුද්දව යම් කටයුත්තක් සිදුකිරීම කල යුත්තේ බුද්ධි ගෝචරවය.

මේ වන විට එම නිලදාරියා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version