අරගල භූමියේ කූඩාරම්තුලට මත්ද්‍රව්‍ය දැමීමේ සුදානමක්.

ජනාධිපතිවරයාට සහ රඡයට විරුද්ධව ගාලු මුවදොර පිටියෙහි කඳවුරු බැද සිටින තරුණයන් විසින් සාදා තිබෙන කූඩාරම්වලට අයිස් මත්ද්‍රව්‍ය යොදා ඔවුන් අත් අඩංගුවට ගැනීමට සුදානමක් තිබෙන බවට පුවතක් අන්තර්ජාලය තුල හුවමාරුවෙමින් තිබේ.

එසේ කිරීමට උපදෙස් දී ඇත්තේ කව්රුන්ද යන්නද අදාල අංශ පිලිබදවද පුද්ගල නාම සමගම එම අන්තර්ජාල පණිවිඩය තුල සඳහන් කරතිබේ.

කෙසේ වුවත් එම අරගලය අවසන් කරවීම සදහා විවිද අංශ මෙන්ම දේශපාලන පක්ෂද විශාල උත්සාහයක යෙදෙන බව පෙනෙනන්ට තිබේ. නමුත් කුමන උත්සාහ දැරුවත් පවතින ප්‍රශ්නවලට පිලිතුරු ලබා දී ඒවා නොවිසදා වෙනත් විසදුම් සෙවීමෙන් හෝ උපක්‍රම යෙදීමෙන් දිගින් දිගටම ප්‍රශ්න වැඩි වීමක් විනා අඩු නොවනු ඇත.

පසුගිය දා මිරිහානේදී සිදුකල මරිධනකාරී ක්‍රියාව හේතුවෙන් සාමාන්‍ය ලෙස පැවති උද්ඝෝෂණ වැඩි වී අවසානයේ ජනාධිපති ඇතුලු රජයට ඉවත්වන ලෙස දක්වාම එය අරගලයක් බවට පත්විය. එබැවින් සියලු දෙනාම මෙය සිදුකල යුත්තේ ජනතාවද සුරකිමින් බව වටහා නොගතහොත් අරගලය තැනින් තැන මතුවන කැරැල්ලක් දක්වා වර්ධනය වනු ඇත.

Exit mobile version