English
සිංහල
21:15 අඟහරුවාදා, මැයි 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අරගල මැද සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝක ඉතිහාසයට එක් වෙයි. ඔබ සැමට යහපත් හෙටක් උදා වේවා.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප ජීවිතයේ ඇත විදින වෙනස්ම අවුරුද්දක් වන්නේ නම් ඒ මේ අවුරුදු දිනය විය හැකිය. නමුත් පැරණි උදවියට මීටත් වඩා වෙනස් අත් දැකීම් සහිත අවුරුදු දින උදා වි තිබෙන්නට ඇත.

    අප රටේ මිනිසුන් දුක් විදින්නට පටන් ගත්තේ කොවිඩ් අරම්භයත් සමගමයි. අවුරුදු දෙකකට පමණ පෙර සිට මෙරට වැසියන් දහස් ගණනින් දුක් විදින්නට පටන් ගත්තේ මෙරට තිබුණු සැලසුමක් නැති ආර්ථික සැලසුම් නිසාය. විවිධ දීමනා දෙමින් අනාගත පරපුරක් ගැන නොහිතපු දේශපාලන ඩීල් වලට මෙරට වැසියන් රැවටුනි. එහෙත් බහුතරයක් ඒවා දෙස බලා සිටියේ රවටීලාම නොවේ. කරන්නට දෙයක් නොතිබූ නිසාය.

    ජාතිවාදය උඩට ගෙන මැතිවරණ කාලයට ජාතීන් බෙදා වෙන් කරමින් බොරු ම්ලේච්චත්වයක් ශ්‍රී ලංකික වැසියන්ට ගෙන හැර දැක්වුයේ මෙරට දේශපාලන පක්ෂම නොවේ. ඔවුන්ට උදව් පදව් කරන සාමාන්‍ය වැසියන්ද විවිද වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඔවුන්ට අවශ්‍ය ජඩ වැඩ කර දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැමරාවට පෙනෙන්නට බොරුවට රණ්ඩු වී , පාර්ලිමේන්තු කැන්ටිමෙන් එකටම වාඩි වී සතුටෙන් සිනා සෙමින් සප්පායම් වන බව මෙරට වැසියන්ගෙන් බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. ඒ ජඩ දේශපාලකයන්ම තම මැතිවරණ බලප්‍රදේශයේ තම අත වැසියන් ලවා පහර දෙන්නට අවශ්‍ය උපදෙස් දුන්නේ තම ගමේම අසල්වැසියාටයි. රටේ එකමුතුකම විනාශ කලේ මෙරට තිබෙන ජඩ දේශපාලනයයි.

    දේශපාලන පක්ෂ වෙනුවෙන් නිර්මාණය කරන ලද රාජ්‍ය සේවකයන්ද මෙම විනාශයේ අනෙක් භූමිකාව රඟ දැක්වූයේය. අපගේ මතකයේ හැටියට මේ බෙදීම සහ විනාශය ආරම්භක අවස්තාව අත් විදින්නේ ජනසවි සමයෙහි ගුරු පත්වීම් ලබා දීමෙනි. නමුත් එම ගුරුවරුන් එකල දේශපාලනය කල බවක් අපට මතක නැත. එසේම අප දන්නා ගම් වල එකල තරුණ තරුණියන්ට දේශපාලන බේදයකින් තොරවම අදාළ සුදුසුකම් සපුරා තිබුනේ නම් ගුරුපත්වීම් ලැබුණි. සමහර විට අත යට දේශපාලනයද තිබෙන්නට ඇත. 1994 න් පසු මෙරට සමාජ සහ ආර්ථික විනාශය ආර්ථික විනාශය අරැබුණි. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරමින් මෙරට බඩු මිල ඉහලට නැගුනු අතර දේශපාලනය කිරීම සදහා රාජ්‍ය සේවකයන් බදවා ගත්තේය. මේ වන විට ග්‍රාම සේවා වසමකට  රාජ්‍ය නිලදාරීන් 4 ක් හෝ 5 ක් සිටිති. එහෙත් දැන් මෙරට බංකොලොත් උණු රාජ්‍යයකි.

    අල්ලස, ගසා කෑම, වංචාව, දූෂණය සහ නාස්තියට උඩ ගෙඩි දෙන්නේ රාජ්‍ය සේවයෙන්මයි. එහෙත් සියලු රාජ්‍ය සේවකයන් නොවේ. බහුතර රාජ්‍ය සේවකයන් එසේය. ජනතාව ණය උගුලක සිර වෙන්නට ආරම්භය සනිටුහන් වන්නේද 2005 න් පසුවය. රටක් දියුණු වන්නට නම් මිනුසුන් නය නැති විය යුතුය. කෙසේ හෝ සමාජයක් ගොඩ නගන්නට අවශ්‍ය සමාජ ආර්ථික මෙන්ම දේශපාලන සහ ආගමික ලබ්දියද දැන් මෙරටින් පලා ගොස්ය.

    දේශපාලකයා , රාජ්‍ය සේවකයා, විවිධ වරප්‍රසාද වෙනුවෙන් දේශපාලනය කල චන්ද දායකයන් මෙන්ම බහුතරයක් වූ මාධ්‍ය ආයතන මෙන්ම දේශපාලන දෑසින් සියල්ලම සිදු කල මාධ්‍යවේදීන්ද මේ විනාශයේ චුදිතයන්ය. නීතිය නමන ලද, ක්‍රියාත්මක නොකරන ලද , නීතියට පරිභාහිරව වැඩ කල සියල්ලෝම මේ ක්‍රියාවලිය රටට අත් කර දුන් විමර්ශන අධිකරණයේ චුදිතයන්ය.

    දැන් මේ සියල්ලෝටම දඩුවම් ලබා දීමට මෙරට තරුණ පිරිස් මහපාරට බැස තිබේ. එය ආරම්භ වන්නේ 2022 මාර්තු 31 යි. එදින ජනාධිපති හෝ ආරක්ෂක ලේඛම්වරයා හෝ දැන හෝ නොදැන ජනතාවට පහර දුන් බව නොරහසකි. ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පැමිණි ජනතාව ඉල්ලා සිටියේ විසදුම් දෙන ලෙස ජනාධිපතිට කියන ලෙසයි. එහෙත් නිරායුධ ජනතාවට අමු අමුවේම පහර දීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. එයින් කුපිත වූ ජනතාව රට වෙනුවෙන් මහපාරට බැස්සේය. එය උද්ඝෝෂණයක් නොවේ. උද්ඝෝෂන රැල්ලකි. එම උද්ඝෝෂන වල ජාති ආගම් කුල මල බේද දැනටද නැත. ජනතාවගෙන් 80% කටත් වඩා දැන් එම උද්ඝෝෂණවලය. මේ උද්ඝෝෂණ දැන් අතට ගෙන තිබෙන්නේ මෙරට තරුණ ප්‍රජාවයි. ඔවුන් එක එල්ලේම සදහන් කරන්නේ ජනාධිපති සහ අගමැති ඉවත් විය යුතු බවයි.

    මෙතෙක් කාලයක් මෙරට තිබුනේ තම වැටුප් වැඩි කරන ලෙස සහ ගැටළු වලට විසදුම් ඉල්ලා පැවතුනු  වෘත්තීය අරගලයි. තම රැකියාවේ වැටුප් වැඩිවීම් වෙනුවෙන් අරගල කල වෘත්තීය සමිති පවා සිදු කලේ ජනතාව පීඩාවට පත් කිරීමයි. දැන් ඒ සියල්ලම උඩි යටිකුරු වෙමින් තරුණ ප්‍රජාව නැගී සිටිති. මේ තරුණ තරුණියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ද මැදිහත්ව තිබෙන බවද නොරහසකි.

    මේ වන විට මහමග සිටින තරුණ තරුණියන් සියල්ලම වෙනස් කරමින් සිටි. මැති ඇමතිවරුන්ට පවා මරණ බිය දැනෙන්නට පටන් ගෙන තිබේ. කැබිනට් මණ්ඩලයම ඉල්ලා ඉවත් විය. ඔවුන්ගේ දැන් සියලු බලවතුන් දන ගස්සවා තිබේ. බොහෝ මන්ත්‍රීවරුන්ගේ ගමේ ගෙවල් දොරවල් වසා දමා තිබේ. අඹු දරුවන්ට සැගවෙමින් ජීවත් වෙති. අවුරුදු ගනනාවක් බොරු කරමින් සිදුකල පාදඩ දේශපාලනයට තිත තබන්නට අවශ්‍ය සියල්ලම මේ තරුණ පරපුර සිදු කර අවසන්ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතමින් 88/89 භිෂන යුගයක් මතක් කළේය. එහෙත් මෙවර කිසිම පුද්ගලයෙකුට එවැන්නක් සිදුකිරීමට ඉඩක් නොලැබෙනු ඇත. එකලට වඩා අද සියල්ලම වෙනස්ය. දැන් මෙරට බහුතර ජනතාව දේශපාලනය ගැන විශ්වාසයක් තබන්නේ නැත. මැතිවරණ සමයට බොරු බේගල් දිගහරින බහුතර දේශපාලඥයන් ට විරුද්දව නැගී සිටින්නේ තරුණ ප්‍රජාවයි. අද මේ තරුණ ගාලු මුවදොර අවුරුදු සමරන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යහපත් රටක් උදා කරලමින් හොරුන් පන්නා දැමීමටයි.

    රජය පාර්ශ්වයෙන් විවිධ උපක්‍රම භාවිතා කරමින් මේ තරුණ අරගලය අඩපන කිරීමටද කටයුතු සිදු වෙමින් තිබේ. එහෙත් ඒවා සාර්ථක උපක්‍රම නොවේ. ඔවුන්ගේ උපක්‍රම සියල්ලම අරගල භූමියට වාර්තා වන බව අන්තර්ජාල පණිවිඩ ඔස්සේද දක්නට ලැබිණි. මෙරට තරුණ ප්‍රජාව දැන් සාර්ථක ඉතිහාසයකට එකතු වී තිබේ. ඔවුන් තම අනාගත පරපුර ගොඩනැගීම ආරම්භ කර තිබේ. එය සිදුවන්නේ මනා ශීක්ෂණයකින් බව පැහැදිලිය. එය වටහා ගැනීමට නම් ඔබ ගාලු මුවදොර පිටියෙහි පවතින අරගල බිමට පැමිණිය යුතුය.

    දැන් මේ වන විට කිලෝ ග්රෑම් 5000 ක ලෝකයේ ලොකුම කිරිබත ද සැකසෙමින් තිබේ. එයද සමග හොරුන් පැන්නීමේ ශ්‍රී ලංකාවේ අරගලය අවුරුදු දහස් ගනනක් තෙක් ලෝක ඉතිහාසය තුල ලිය වී තිබෙනු ඇත .

    තව දුරටත් කොමිස් ගසන රාජ්‍යක් අපටද අවශ්‍ය නැත. අනාගතයක් නොදකින් පරපුරක් අපටද අවශ්‍ය නැත. කොමිස් ගිලින රාජ්‍ය සේවකයන්ටත්, දේශපාලන අධිකාරියටත් දැන්වත් හැදෙන්නට, හිතන්නට කාලය පැමිණ තිබේ. අද අරගල බිම ලෝක වාර්තා පොතටද යන්නට ඉඩ තිබේ. මේ අර්බුදය විසදන මග කියා දෙන්නේ තරුණ ප්‍රජාවයි. විශේෂඥයන් එලවා දමන්නට අවශ්‍ය මග පෙන්වමින් “ දූෂණයට එරෙහි අප්‍රේල් අරගලය” ලෝක ඉතිහාස පොතේ ලියවෙන්නේ දේශපාලන, රාජ්‍ය සේවකයන් මෙන්ම මුදලාලි පැලන්තියද දන ගැස් වූ සාර්ථක දු පුතුන්ගේ ශ්‍රී ලංකික දේශයක් ලෙසයි.

    ඔබ සියලුම දෙනාටම “ අනාගතයේ යහපත් රටක් ගොඩ නැගීමට එකා මෙන්, එක් සිත්ව පෙළගැසෙන්නට සිතෙන සුබ අලුත් අවුරුද්දක් වේවා”    

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      Go to mobile version