අරණායක ඛේදවාචකයට හේතුව පවුල් ආරවුලක්ලු .

ඊයේ (6) උදෑසන අරණායක , පොල්අබේගොඩ , ගොඩිගමුව ප්‍රදේශයේ එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනාගේ මළ සිරුරු එම ප්‍රදේශයේ අම්බලමක තිබී සොයා ගත් පුවතක් වාර්තා විය . මෙම ත්‍රිත්ව මරණයට හේතුව  පවුල් ආරවුලක් බව පොලිසිය සැක පල කරයි.

මිය ගිය 33 හැවිරිදි පුද්ගලයා මිට මාස 2කට  පමණ පෙර බිරිද සහ දරුවන් දෙදෙනා සමග අරණායක සිට තම උපන් ගමට ගොස් ඇති අතර මරණකරුගේ බිරිද තම ස්වාමියා සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් නැවත අරණායක ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත.  තම බිරිද කැදවාගෙන ඒම සදහා මරණකරු තම දරු දෙදෙනා සමග අරණායක නිවස වෙත පැමිණි බව වාර්තා වේ. නමුත් මරණකරු තම දරුවන් දෙදෙනා සමග නැවත ගිරිඋල්ලේ පිහිටි තම නිවාස බලා ගිය බව කියයි.

මෙම මිය ගිය පුද්ගලයා සහ බිරිද අතර කලක පටන් පවුල් ආරවුලක් තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් මිට පෙර පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බව වාර්තා වේ. එම නඩුවද ඊයේ (6) විභාග කිරීමට තිබු බවත් ඒ සදහා මිය ගිය 33 හැවිරිදි පුද්ගලයාට පොලිසිය ඉදිරියේ පෙනී සිටීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබු බවත්  ඔහුගේ ඥාතීන්  සදහන් කරයි.

මරණකරු තම දරුවන් දෙදෙනා ඝාතනය කර තමා ද සිය සිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version