අරලියගහ මැදුර ඉදිරිපිට උණුසුම් වෙයි. පිරිත් අසමින් පොලිසිය තරුණයන්ට පහර දෙයි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබෙන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයේ යෙදී සිටින තරුණයන්ට පොලිසිය පහර දී තිබේ.

එක් තරුණයෙකු රෝහල් ගත කර තිබේ. කෙස් ඒ වුවත්  මෙසේ පොලිසිය දිගින් දිගටම තරුණයන් සමග ඕනෑ කමින්ම ආරවුල් ඇති කරගන්න තත්වයක් දක්නට තිබේ.

මේ වනවිට එහි සිටින තරුණයන් ප්‍රධාන මාර්ගය අසලට වී විරෝධතාවේ යෙදෙන අතර බස් රථ හරස් කර තිබෙන බව දක්නට තිබේ.

පොලිසිය මේ අකාරයෙන් කටයුතු කිරීම තුලින් දිගින් දිගටම ප්‍රශ්න ඇති වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවටම බව සහ අමාරුවේ වැටෙන්නේ එම නිලධාරින්ම බව තවමත් තේරුම් නොගැනීමෙන් පෙනී යන්නේ පොලිසියට තම පුද්ගලික ආරක්ෂාව වත් සපයා ගැනීමට නොහැකි බවයි.

Exit mobile version