අරවින්ද සිල්වා (ICC) Hall of Fame ඇතුළත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) වෙත ඇතුළත් කිරීමට නියමිත අතර
මීට පෙර මේ සඳහා ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යි.

වාර්තා වන ආකාරයට 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවේ වීරයා වන අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම 401 වතාවක් ක්‍රීඩා කර ඇති අතර මීට අමතරව ඔහු ටෙස්ට් තරග 93 කදී ලකුණු 6,361 ක් සහ එක්දින තරග 308 කදී ලකුණු 9,284 ක් රැස් කරගෙන තිබේ.

Exit mobile version