මන්ත්‍රීවරු 113 සම්පූර්ණ වූ සැණින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඕනෑම අවස්ථාවක හැකියාව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ වන කවුරුන් බලයේ සිටියද රට පාලනය කරන තැනැත්තා බවට බැසිල් රාජපක්ෂ පත් වී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
එමෙන්ම තවත් අවුරුදු 3 ක් බලා සිටිය හොත් පාලනය කිරීමට රටක් ඉතුරු නොවන බව විපක්ෂයට සිහිපත් කරන බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.