අල්ලස් ගත් උප ජනපති අත්අඩංගුවට.

මලාවි උප ජනාධිපති සවුලොස් ක්ලවුස් චිලිමා මලාවි දුෂණ විරෝධී කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

ඒ ඔහුට එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සහ ඔහුගේ හැසිරීම පිලිබඳ  මාස කිහිපයක් පුරාවට මලාවි දුෂණ විරෝධී කාර්යංශය විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුවයි.

කෙසේ නමුත් ඊයේ (25) දිනයේ මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා උප ජනාධිපති සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ ඔහුගේ තනතුර අත්හිටුවීමට හෝ ඉවත්කිරීමට තමන්ට ව්‍යවස්ථාපිත බලයක් නොමැති බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ මලාවි ජනාධිපති විසින් උප ජනාධිපතිවරයාගේ රාජකාරි කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

Exit mobile version