අල්ලස් ගත් කළුතර දිසා අධිකරණයේ සේවකයෙක් අත්අඩංගුවට .

කළුතර දිසා අධිකරණයේ කාර්යාල සහයකයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

එම අධිකරණයේ විභාග වූ ඉඩම් නඩුවට, තීන්දු පිටපත ලබා දීම වෙනුවෙන් පැමිණිලිකරුගෙන් රුපියල් 3,200ක මුදලක් ඔහු ලබා ගෙන ඇති අතර අධිකරණ සංකීරණය තුළ දී එය ලබා ගැනීමට යාමේ දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

Exit mobile version