අල්ලස් ගත් නිලධාරීන්ට වැඩ වරදී.

නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු සහ කළමනාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම නිලධාරීන් අද (20) අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි.

ඔවුන් බස් හිමියෙකුගේ මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීමට රුපියල් 30,000ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version