අල්ලස් ගත් සංවර්ධන නිලදාරියෙක් අත් අඩංගුවට

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ ව්‍යාපාර ලියාපදිංචි අංශයේ සංවර්ධන නිලධාරියෙකු අල්ලස් ගැනීමේ චෝදනාව මත අද අත් අඩංගුවට ගෙන ඇත.

හඟුරන්කෙත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කල පැමිණිල්ලක් මත අල්ලස් නිලදාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාපාර ලියාපදිංචියක් සදහා රුපියල් 4000 මුදලක් ඉල්ලා සිටි බව එම පැමිණිල්ලේ සදහන් බව වාර්තා වෙයි.

Exit mobile version