ජනතා විරෝධය හමුවේ දේශපාලන අරගලයකින් රටින් පළා ගිය ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා වේ.
ඉදිරි දේශපාලන වෙනස්වීම් වලට බොහෝ දෙනෙකු බිය වී සිටින බව පෙනෙන්නට තිබෙන අතර සුගීශ්වරටද අල්ලස් චෝදනා එල්ලව තිබුණි. ඒ ඉන්ධන බවුසර් ප්රශ්නයකි. එය එකල පුවත් පත් වාර්තා කර තිබුණි. ඊට අමතරව බලන්ගොඩ අලුත්නුවර දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණයේදී ද ඔහු අල්ලස් ලබා ගත බවටද චෝදනාවක් එල්ලව තිබේ.
ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් ඔහු දැනුම්දී ඇත්තේ නොවැළැක්විය හැකි හේතූන් මත තමන් ඉල්ලා අස්වන බවයි.
තම එකම අරමුණ මව්බිමට සහ එහි වෙසෙන ජනතාවට සේවය කිරීම බවත් ඒ සඳහා තම දේශපාලන විශ්වාසයන්ට අනුව අපරාජිත රටක් බිහිකිරීම වෙනුවෙන් නව දේශපාලන වැඩපිළිවෙළක් සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කළ බවත් ඔහු දැනුම්දී තිබේ.
තමන් දකින ආකාරයට රට ඉදිරියේ ඇති පළමු වගකීම වන්නේ මව්බිම යළි අපරාජිතව අභිමානයෙන් ගොඩනැගීම බවත් ඒ සඳහා එක්වන ඕනෑම කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට තමන් පැකිළෙන්නේ නැති බවත් සුගීශ්වර බණ්ඩාර එම ලිපියෙන් ප්රකාශ කර ඇත.
කෙසේ නමුත් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතුකල ඔවුන්ට, රාජපක්ෂ මහතාවත් ආරක්ෂා කරගැනීමට නොහැකි වූ අතර, නව දේශපාලන පක්ෂයක් සමග එකතු වුවත් ආරාජිත රටක් කෙසේ වෙතත් , පවතින ටිකවත් අපට අහිමිවන බව නම් දැඩි විශ්වාසයෙන් පෙන්වා දිය හැකිය.