අල්ලස් දී මාධ්‍යවේදීන් නිහඩ කල නිළමේ.

ශ්‍රී ලාංකීය ජනතාව අල්ලස, දූෂණය, වංචාවන් වලට මුලාරම්භය තබන්නේ අද ඊයේ නොවේ. අවුරුදු ගණනාවක පාලකයන් කෙරෙහි තැබූ විශ්වාසයේ ප්‍රතිපලයකි. ජාතියක් , ජන්මයක් නැතිවා වාගේ, අනාගතයක් නොදකින පරපුරක් මේ වන විට බිහි වී  අවසන්ය.  එය එසේ සිදුවීමේ වගකීම ගත යුත්තේ මෙරට සිටින වැඩිහිටි ප්‍රජාව සමග අතීත පාලකයන් සහ විනාශයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිද මාෆියා කල්ලිය.

බොහෝ විට සාමන්‍ය මිනිසුන් තම ආගමික චින්තාව පිලිබදව බොහෝ විශ්වා සයෙන් කටයුතු කරන අතර, සමහරු එසේ නොකරති. එහෙත් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් තම ආගමික චින්තාව නිසි ලෙස පෝෂණය කර නොගන්නේ නම් , විනාශයන් ඉක්මනිනේ සිදු වේ. ඒ අන් කිසිවක් නිසා නොවේ, ඔවුන් දෙස බලා සිටිනා දහස් ගනණක් පුරවැසියන්ගෙන් බහුතරයක්, මෙම නායකයන් ක්‍රියාත්මක කරන්නා වූ වැරදි ක්‍රියාවලීන් නිවැරදි ලෙස සිතා ඔවුන් පසුපස සිටින ජනතාවද  වැරදි මගක ගමන් ගන්නා නිසාය. ශ්‍රී ලංකාවේ  වර්තමාන ගැටළු වලට හේතුව කාලයක් තිස්සේ සිදු වන එවැනි හේතූන්ය.  

අප මේ කියන්න යන නිලමේද එවැනි කෙනෙකි. ඔහුද, ප්‍රධාන ආගමික ස්ථානයක සිට වෙළදාම් කරන්නෙකි. ඔහු සියලු දෙනාටම හොද හිත පෙන්වමින්, රටේ අවශ්‍යම ස්ථාන වල සිටින ප්‍රධානීන් සියල්ලම අල්ලාගෙන සිටින පට්ට පල් හොරෙකි. ඔහුගේ හොර වැඩ වසා ගැනීම සදහා උපක්‍රමසීලිව සියලු ප්‍රධානීන් අල්ලාගෙන සිටිති. එහෙත් බොහෝ ප්‍රධානීන් එය නොදැනීමද, සමහර ප්‍රධානීන්  ඉතාම හොද ප්‍රදානීන් නිසාම, ඔවුන්ගේ මෙම හොර වැඩ නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන තිබේ. බොහෝ ආයතන ප්‍රධානීන්  හොදින් තබාගෙන, කාටත් නොදැනීම යහමින් හොර වැඩ කරගෙන යාමට තරම් මේ නිළමේ උපයසීලීය.   

මේ නිළමේ බස්නාහිර පළාතේ උපන්නෙකි. ඔහුගේ පුද්ගලික දේවල්ද බොහෝ දේ අප සතුව පැවතියද, ඒවා අපට අවශ්‍ය නැත.  අපට අවශ්‍ය ආගමික චින්තාවට සිදු කරනු ලබන හානිය පමණි. මේ නිලමේට මාධ්‍ය අංශයක්ද තිබේ.එහි ප්‍රධානී ලෙස සිටිනා පුද්ගලයා එහි වැඩට පැමිණෙන්නේ මීට අවුරුදු 10 කට පමණ පෙරය. ඔහු එහි පැමිණෙන්නේ සෙරෙප්පු දෙකක් දාගෙන කිසිවක් නැති දුප්පත් මිනිසෙකු ලෙසය. අද ඔහු  කෝටිපතියෙකි. එක්තරා ප්‍රදේශයක කාමර 50 කටආසන්න කාමර ගණනකින් යුත් විශාල හෝටලයක් ද තිබේ. අවුරුදු 10 ක් වැනි කෙටි කාලයකදී, එම ස්ථානයේ වැඩකරමින් සිටියදී, කෝටිපතියෙකු වුයේ කෙසේද? තොරතුරු  අප සතුය.

අප කියන්නා වූ මේ නිළමේ,  මෙම තනතුර සදහා ඉල්ලුම් කරන්නේද, බොහෝ ස්ථානවලට රිසි සේ අල්ලස් ලබා දෙමිනි. ඔහු එම තනතුරට පත්වන්නේද, ඡන්දය ලබාදීමට සුදුසුකම් ඇති අයට අල්ලස් ලබා දෙමිනි. ඒ පිලිබද සියලු තොරතුරු අප සතුව තිබේ. එපමණක්ද නොවේ, බුද්ධශාසන කටයුතු පිළිබද හිටපු කොමසාරිවරයෙකුට  ඔහු මාසෙකට ලක්ෂ දහය බැගින් අල්ලස් ලබා දී  තිබෙන බවටද තොරතුරු වාර්තා වේ. තම ආගමේ සියල්ලම විකුණමින්, ආගම විහිළුවක් කර ගෙන , එයින් සමස්ත ලෝකයටම දුන් වැරදි පූර්වාදර්ශය, ආගමික චින්තනයට කල බොරුව වෙනුවෙන් මෙම පුද්ගලයන්ට ලැබිය යුත්තේ  ජීවිතාන්තය දක්වා හිර ගෙදරය.

එසේම ඔහු තනතුරට පත් වීමෙන් අනතුරුව, එම ප්‍රදේශයේ සිටින අහිංසක  සියලුම මාධ්‍යවේදීන්ට පාහේ  ජංගම දුරකථන ලබා දුනි. එසේ කර , තමා ඉදිරියේදී සිදු කරන්නට සැලසුම් කර තිබු සියලු  වංචා, දූෂණ, මංකොල්ල කෑම් මාධ්‍ය හරහා වාර්තා කිරීමට තිබෙන ඉඩකඩ වසා දැමීය. එසේම , එම ප්‍රදේශයේ සිටින බොහෝ මාධ්‍යවේදීන්ට ඉතාම හොදින් සලකන්නේ ඔවුන්ගේ වැරදි ප්‍රචාරය වීම වැලැක්වීමටය. මාධ්‍යවේදීන් යනු අහිංසක ප්‍රජාවක් සේම , කොන්දක් ඇති කොටසකි. එය බෙහෙවින් හදුනන සොර දෙටුවන් උපක්‍රමශීලිව ඔවුන්ගේ ජනතා මෙහෙවර වසා දමා තිබේ.

රාවණා, අපද ඉතාම ඉහලින් බුදු දහම වෙනුවෙන්, එහි තිබෙන සත්‍ය වෙනුවෙන්, යතාර්ථය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නෙමු. බුදු දහම සුරැකීම අප කාගේත් වගකීමය. අපගේ ආගමික චින්තාව විනාශ කිරීම සදහා මේ ඇත්තන් අවුරුදු ගානක් තිස්සේ, කල,  කී දේවල් එමටය. සැමදා හොරකම් කිරීමට නොහැකිය. දහස් ගණනක් මිනිසුන්ගේ ආගමික චින්තාවට අගෞරව වන දේ සැමදා සිදු කිරීමට සොබා දහම ද  කිසිසේත් ඉඩ නොතබනු ඇත. සබරගමු පළාතේ තවත් ආගමික ප්‍රධානියෙකු සමග ඔහු කල හොර වැඩද අප සතුය.

අපගේ නීතීඥවරුන් පවසන්නේ,  ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය තුල, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ  90,95, 100,184, 189, 198, 199, 200, 289, 290, 290අ, 291, 291අ, 331, 340, 341, 398, 408, 479, 483, සහ 484 යන වගන්තීන් වලින් කියවෙන වැරදි වලින් ඔවුන්ට අපරාධ චෝදනා ගෝනු කිරීමට කටයුතු කල හැකි බව වන අතර, එම වගන්ති වලට අමතරව තවත් වගන්ති ගණනාවකින් චෝදනා ඉදිරිපත් කල හැකි බවය. නීතිය නොදැනීම සමාවට කරුණක් නොවනු ඇත.

අප මේ වන විටත් එම කටයතු සියල්ල සූදානම් කරමින් සිටිමු. තම ආගම ප්‍රවර්ධනය කිරීම වෙනුවට , එය විනාශ කිරීමට සිදු කල කටයුතුවලට විරුද්දව සිදු කල යුතු සියල්ල අප විසින් සිදු කරනු ඇත. රාවණා අපි, පෙනී සිටින්නේ රටේ හෙට දවස වෙනුවෙනි. මෙම පුද්ගලයන් කවුරුන්ද යන්න, නුදුරේදීම නම් ගම් සමගම , සාක්ෂි සහිතවම ප්‍රසිද්ධ කරන්නෙමු. සත්‍ය වෙනුවෙන් අපගේ මෙහෙවර ඉටු කරන්නෙමු. යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන්, යහපත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන්, “වැරදි වැඩ සැමදා කල නොහැකිය” යන සත්‍ය ලෝක වාසීන් වෙනුවෙන් පෙන්වා දීම සදහා ලොව පුරා විසිරී සිටින අපගේ සාමාජිකයන්  කල යුතු සියල්ල සිදු කරනු ඇත.

භාෂණයේ සහ ප්‍රකාශණයේ අයිතිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව මගින් සියලු පුරවැසියන්ගේ අයිතියක් බවට තහවුරු කර තිබේ. අපරාධ, වංචා, දූෂණ මෙන්ම සමාජීය අපරාධ එළිදරව් කිරීම ට ද සියලු පුරවැසියන් නීතියෙන් බැදී සිටිති. එය නොකරන පුරවැසියන්ද,  ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් කරන්නේය.

සභාපති.

ශ්‍රී රාවණා ලංකා පදනම

Exit mobile version